ඉඳුරාම බඳවා ගත් නිලධාරීන් 14 දෙනෙකු නාවික හා සාගරික විද්‍යාපීඨයේදී විසිර යයි
 

2018 වර්ෂයේ පලමු ඉඳුරාම බඳවා ‍ගැනීමට අයත් තාක්‍ෂණික අංශයේ නිලධාරින් පස්දෙනෙකු (05) සහ ස්වේච්ජා අංශයට අයත් කාන්තා නිලධාරින් තිදෙනෙකු (03) ඇතුළුව නිලධාරින් නවදෙනෙකු (09) න්‍යායාත්මක සහ ප්‍රායෝගික පුහුණුව සාර්ථකව අවසන් කර පසුගිය ඔක්තෝබර් 12 වන දින ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රධාන සරඹ පිටියේදී විසිර යන ලදී.

14 Oct 2018

සාර්ථක පුහුණු සංචාරයක් නිම කරමින් ශ්‍රීලංනානෞ සාගර සහ ශ්‍රීලංනානෞ සුරනිමිල නෞකාවන් දිවයිනට පැමිණෙයි
 

පසුගිය ඔක්තෝබර් 06 වන දින කොළඹ වරායෙන් ඉන්දියාව බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා සාගර සහ සුරනිමිල යන නෞකාවන් ඔක්තෝබර් 08 වන දින ඉන්දියාවේ කොචින් වරායට සේන්දු වූ අතර, එහිදි, නාවික සම්ප්‍රදායානුකූලව ඉන්දියානු නාවික හමුදාව එම නෞකාවන් පිලිගන්නා ලදී.

14 Oct 2018