වයඹ නාවික විධානයේ නව රෝහල් ගොඩනැගිල්ල විවෘත කෙරේ
 

වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයේ ස්ථාපිත නාවික රෝහල් (වයඹ) සංකීර්ණයේ අභිනවයෙන් ඉදිකරන ලද නව ගොඩනැගිල්ල වයඹ නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සූජීව පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (ඔක්තෝබර් 01) විවෘත කෙරිණි. ‍

02 Oct 2018

ගොවි සංවිධාන නිලධාරින් සඳහා නාවික හමුදා තොරතුරු තාක්‍ෂණ අංශය මඟින් වැඩමුළුවක් පවත්වයි
 

කෘෂිකර්ම අමාත්‍යංශයේ සහ හපුතලේ කහත්තේවෙල ජනතා ගොවි සංවිධානයේ නිලධාරීන් සඳහා භූගෝලීය තොරතුරු පද්ධතිය පිළිබද වැඩමුළුවක් පසුගිය සැප්තැම්බර් 21 වන වන දින අධ්‍යක්ෂ නාවික තොරතුරු තාක්ෂණ කොමදෝරු ප්‍රියන්ත එදිරිසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ප්‍රදීපාගාර අවන්හල් පරිශ්‍රයේදී ආරම්භ කෙරුණි.

02 Oct 2018

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායේ (JMSDF) ජ්‍යේෂ්ඨ නිලධාරින් නාවික හමුදාධිපති හමුවෙයි
 

පසුගිය සැප්තැම්බර් 30 වන දින, මෙරටට පැමිණි ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායේ හතරවන නාවික ආරක්ෂක ඒකකයේ ආඥාපති, රියර් අද්මිරාල් තට්සුයා ‍ෆුකුඩා මහතා සහ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට (JMSDF) අයත් ‘කාගා’ සහ “ඉනසුමා” නෞකාවන්හි අණදෙන නිලධාරින් වන කපිතාන් හිඩේකි මිෂුටා මහතා සහ කොමාණ්ඩර් යුකී ඕචිමීෂු මහතා ඊයේ (ඔක්තෝබර් 01) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.

02 Oct 2018

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායේ (JMSDF) ජ්‍යේෂ්ඨ නිලධාරින් බටහිර විධාන භාර ආඥාපති හමුවෙයි
 

පසුගිය සැප්තැම්බර් 30 වන දින, මෙරටට පැමිණි ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායේ හතරවන නාවික ආරක්ෂක ඒකකයේ ආඥාපති, රියර් අද්මිරාල් තට්සුයා ‍ෆුකුඩා මහතා සහ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට (JMSDF) අයත් ‘කාගා’ සහ “ඉනසුමා” නෞකාවන්හි අණදෙන නිලධාරින් වන කපිතාන් හිඩේකි මිෂුටා මහතා සහ කොමාණ්ඩර් යුකී ඕචිමීෂු මහතා ඊයේ (ඔක්තෝබර් 01) බටහිර නාවික විධාන මූලස්ථානයේදී, බටහිර නාවික විධාන භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවිය.

02 Oct 2018