ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන ටෙනිස් තරඟාවලිය - 2018
 

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන ටෙනිස් තරඟාවලියේ අවසන් තරඟය ඊයේ (සැප්තැම්බර් 21) නැගෙනහිර නාවික විධාන ටෙනිස් ක්‍රිඩා පිටියේදී පවත්වන ලදී. ඒ සඳහා සියළු නාවික විධානයන් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගීවි සිටි අතර, විවෘත්ත යුගල තරඟයේ ජයග්‍රහනය නැගෙනහිර ප්‍රදේශ භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ සහ නායක ශාරීරික අභ්‍යාසක, ඒඅයිඑම්ජී මෙන්ඩිස් විසින් දිනාගන්නා ලදී. ඒ අනුව සමස්ථ තරඟාවලියේ ශූරතාවය නැගෙනහිර නාවික විධානය විසින් දිනා ගැනීමට සමත් වු අතර, නාවික දියත් විධානය අනුශූරතාවය දිනාගන්නා ලදී.

ධජ නිලධාරී නාවික දියත් විධානය, රියර් අද්මිරාල් ආනන්ද ගුරුගේ මහතා මෙම තරඟාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාව සඳහා සහභාගි විය.