ඒකාබද්ධ සාගරික නිපුණතා පුහුණු පාඨමාලාව සාර්ථකව නිමා කෙරේ
 

ඒකාබද්ධ සාගරික නිපුණතා පුහුණු (Integrated Maritime Skills Training) පාඨමාලාව සාර්ථකව අවසන් කළ නාවික පුද්ගලයින් හට සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය ඊයේ (සැප්තැම්බර් 14) ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී ඉතා උත්කර්ශවත් ලෙස පැවැත්විණි.

15 Sep 2018

ආරක්‍ෂක සේවා හොකී තරඟාවලියේ කාන්තා ශූරතාවය නාවික හමුදාවට
 

කොළඹ, ටොරින්ටන් හොකී ක්‍රිඩාංගණයේදි ඊයේ (සැප්තැම්බර් 14) පැවති 2018 ආරක්‍ෂක සේවා හොකී තරඟාවලියෙන් නාවික හමුදා කාන්තා කණ්ඩායම ඉතා පහසු ජයක් අත් කර ගැනීමට සමත් වූ අතර, ඒ අනුව තරඟාවලියේ සමස්ථ ශූරතාවය නාවික හමුදා කාන්තා කණ්ඩායම හිමි කර ගන්නා ලදී.

15 Sep 2018

මූලික පුහුණුව හැදෑරූ ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයේ නිලධාරීන් සහ නාවිකයන් විසිර යයි
 

නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණය සඳහා සුදුසුකම් ලැබීමේ මූලික පුහුණුව හැදෑරූ එහි 23 වන බඳවා ගැනීමට අයත් නිලධාරීන් 5 දෙනෙක් සහ නාවිකයන් 33 දෙනෙක් සඳහා ලාංඡන පැළඳවීමේ සහ විසිරි යෑමේ උත්සවය ඊයේ (සැප්තැම්බර් 14) කල්පිටිය ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ මූලස්ථාන ප්‍රධාන සරඹ පිටියේදී උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

15 Sep 2018

“හද‍ට හදක්” භාරකාර අරමුදලට නාවික හමුදාව සිය දායකත්වය සපයයි
 

හදවත් රෝගවලට ගොදුරුවී සිටින, එම සැත්කම් සඳහා මුදල් සොයාගත නොහැකි ජනතාව වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ මූලිකත්වයෙන් පිහිටුවා ඇති “හදට හදක්” භාරකාර අරමුදල සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකා නාවික හමුදාවේ සියළුම නාවික පුද්ගලයින් රුපියල් මිලියන 5 ක මුදලක් පරිත්‍යාග කරන ලදී.

15 Sep 2018