මුහුදේදී අනතුරට පත් ධීවරයින් සොයා ගිය නාවික හමුදා මෙහෙයුම
 

දකුණු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවක් මඟින් අද (සැප්තැම්බර් 12) ගාල්ලට ඔබ්බේන් වූ මුහුදු ප්‍රදේශයේදී අනතුරට ලක්ව සිටි ධීවර යාත්‍රාවක් මුදවා ගැනීම සඳහා මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී.

12 Sep 2018

නාවික හමුදා 422 වන ප්‍රති ආශ්‍රැත යන්ත්‍රය වීර මොහාන් ජයමහ විදුහලට
 

නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් පියවරක් ඊයේ (සැප්තැම්බර් 11) දින නිමාවට පත් විය.

12 Sep 2018

බංග්ලාදේශ නාවික හමුදාවට අයත් ‘සෝමුද්‍ර ජෝයි’ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි
 

බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘සෝමුද්‍ර ජෝයි’ නෞකාව අද (සැප්තැම්බර් 12) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට ‍සේන්දු විය.

12 Sep 2018

ලෝක කැරම් ශූරතාවය සඳහා සහභාගී වූ නාවික හමුදා සාමාජිකයින් නාවික හමුදාධිපති හමුවෙයි
 

කොරියානු කැරම් සම්මේලනය මඟින් සංවිධානය කරනු ලැබු 05 වන ලෝක කැරම් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නාවික හමුදාව නියෝජනය කළ සාමාන්‍ය නැවි නිශාන්ත ප්‍රනාන්දු ක්‍රීඩකයා සහ සාමාන්‍ය කාන්තා නැවි ජෝශප් රෝෂිතා ක්‍රීඩිකාව අද (සැප්තැම්බර් 12) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවීය.

12 Sep 2018

පළමු පොපි මල නාවික හමුදාධිපති වෙත ප්‍රදානය කෙරේ
 

ශ්‍රී ලංකා නාවික හමුදා සංගමය විසින් දියත් කරනු ලබන පොපි මල් සැමරුමේ ආරම්භය සනිටුහන් කරමින් එහි පළමු පොපි මල නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා වෙත අද (සැප්තැම්බර් 12) ප්‍රදානය කරන ලදී.

12 Sep 2018