ශ්‍රී ලංකා නාවික හමුදාව ඇමෙරිකානු වෙරළාරක්‍ෂක ‘ෂර්මන්’ (USCGC Sherman) නෞකාව භාර ගනී
 

ඇමෙරිකා එක්සත් ජනපදය මඟින් ශ්‍රීලංකා නාවික හමුදාව වෙත ලබා ගන්නා ලද ඇමෙරිකානු වෙරළාරක්‍ෂක ‘ෂර්මන්’ (USCGC Sherman) නෞකාව නාවික හමුදාධීපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා වෙත නිල වශයෙන් භාර දිම ඊයේ (අගෝස්තු 27) හවායි දුපතේ හොනොලුලු හිදි සිදු කෙරුණි.

28 Aug 2018

මුහුදේදී ආපදාවට ලක් වූ ධීවරයින් හට නාවික හමුදාවෙන් සහාය
 

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘සමුදුර’ නෞකාවට අනුයුක්ත නිලධාරින් සහ නාවිකයින් පසුගිය අගෝස්තු 17 වන දින ත්‍රිකුණාමල ෆවුල් තුඩුවේ සිට නාවික සැතපුම් 653 ක් වූ මුහුදු ප්‍රදේශයේදී අනතුරට පත් යාත්‍රාවක් ගොඩබිමට රැගෙන ඒමට සමත් විය.

28 Aug 2018

ඉන්දියානු ජාතික ආරක්ෂක විද්‍යාලයේ දූත පිරිසක් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරතවේ
 

මේජර් ජෙනරාල් ‍එස්සී මොහාන්තී ( Major General SC Mohanty) මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 14 දෙනෙකුගෙන් සමන්විත ඉන්දියානු ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ දූත පිරිසක් ඊයේ (අගොස්තු 27) නාවික හමුදා මුලස්ථානයේ සංචාරයක නිරත විය.

28 Aug 2018

නාවික හමුදා ඉව අල්ලන සුනඛයින් මෙහෙයුමක් සිදුකරයි
 

නැගෙනහිර නාවික විධානයේ එරක්කන්ඩි ප්‍රදේශයදී නාවික හමුදා සුනඛ සංචිතයට අනුයුක්ත සුනඛයින් දෙදෙනෙකු (02) යොදවා පසුගිය අගෝස්තු 26 වන දින සිදු කළ සොදිසි කිරීමකදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට සමත් විය.

28 Aug 2018

උතුරු මැද නාවික විධානයට අයත් වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහනක්
 

උතුරු මැද නාවික විධානයට අයත් වෙරළ තීරයන් ආවරණය වන පරිදි පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගිය අගෝස්තු 25 වන දින එම විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී.

28 Aug 2018

නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් 14 දෙනෙකු සහ අලෙවිකිරීමට රැගෙනයමින් තිබූ කැස්බෑ මස් තොගයක් නාවික හමුදා භාරයට පත් විය.

28 Aug 2018