නාවික හමුදාව රෝගාතුර ධීවරයෙකු කඩිනම් ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන එයි
 

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත පී 439 වේග ප්‍රහාරක යාත්‍රාව මඟින් අද (අගෝස්තු 13) බහුදින ධීවර යාත්‍රාවක සිටි රෝගාතුර ධීවරයෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කරන ලදී.

13 Aug 2018

නාවික හමුදාධිපතිතුමා ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරා අනුස්මරණ දේශනය පවත්වයි
 

වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරා ගුණානුස්මරණ උත්සවය හය (6) වන වරටත් පසුගිය අගෝස්තු 11 වන දින රත්මලාන ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විෂ්වවිද්‍යාලීය ශ්‍රවනාගාරයේදී පැවැත්වු අතර, එහි අනුස්මරණ දේශනය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල්, සිරිමෙවන් රණසිංහ මහතා විසින් ‘නාවික හමුදාවක අව්‍යතාව’ යන තේමාව යටතේ පවත්වන ලදි.

13 Aug 2018

‘ඩෙසිග් පීඑම්එස්එස් කාශ්මීර්’ නෞකාවේ අණදෙන නිලධාරී නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

සිව් දින නිළ සංචාරයක් සඳහා මෙරටට සේන්දු වූ පකිස්ථාන නාවික හමුදාවට අයත් ‘ඩෙසිග් පීඑම්එස්එස් කාශ්මීර්’ නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන්, අෂාර් මහමුද් මහතා අද (අගෝස්තු 13) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු විය.

13 Aug 2018

නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 18 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය.

13 Aug 2018

පකිස්ථාන් නාවික හමුදාවට අයත් ‘ඩෙසිග් පීඑම්එස්එස් කාශ්මීර්’ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි
 

පකිස්ථාන නාවික හමුදාවට අයත් ‘ඩෙසිග් පීඑම්එස්එස් කාශ්මීර්’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (අගෝස්තු 13) කොළඹ වරායට සේන්දු විය.

13 Aug 2018