ලුතිනන් කොමාණ්ඩර් (මාලිමා) කැලුම් සෙනවිරත්න ශ්‍රීලංනානෞ වීරයා නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක යුද්ධ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා වීරයා නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් (මාලිමා) කැලුම් සෙනවිරත්න අද (අගොaස්තු 10) දින වැඩ භාර ගන්නා ලදී.

නෞකාවේ හිටපු අණදෙන නිලධාරී ලුතිනන් කොමාණ්ඩර් (ඒඑස්ඩබ්) සුදේශ් විදානගේ විසින් ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගණයේදී නිල වශයෙන් අණදෙන නිලධාරී ධූරයේ රාජකාරීන් භාර දීමට කටයුතු කෙරිණි. එම අවස්ථාව සඳහා ධජ නිලධාරී නාවික දියත් විධානය, කොමදෝරු ආනන්ද ගුරුගේ මහතා සහභාගී වූ අතර, එතුමන් විසින් නව අණදෙන නිලධාරීතුමන් හට නෞකාව භාරදීම සංකේතවත් කෙරෙන සමරු ඵලකයක් පිරිනැමීමද සිදුවිය. නව අණදෙන නිලධාරීතුමන්ගේ අංශ පිරික්සීමෙන් අනතුරුව එම කර්තව්‍යයන් නිමාවට පත් කරන ලදී.