දෑලතුර ඇලෙහි ජලය පිටාර ගැලීම වැලැක්වීමට නාවික හමුදාව දැඩි පරිශ්‍රමයක් දරයි
 

පසුගිය (මැයි 25) දින ජාඇල දෑලතුර ඇලෙහි ජලය පිටාර ගැලීම හේතුවෙන් දෑලතුර- කජුගස්ගොඩැල්ල මාර්ගය සහමුලින්ම ජලයෙන් යට වු අතර, තවමත් එම ඇලෙහි ජලය පිටාර ගැලීම නොනැවතී පවතින බැවින් අද (මැයි 27) දිනද උදෑසන සිටම මාර්ගය දෙපස වැලි කොට්ට අතුරමින් ගමනා ගමන කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සඳහා දැඩි පරිශ්‍රමයකින් යුතුව නාවික හමුදා සහන කණ්ඩායම් කටයුතු කරයි.

27 May 2018

නාවික හමුදා සහන සැළසීමේ කණ්ඩායම් තවමත් සක්‍රීයව ක්‍රීයාත්මක වේ.
 

පසුගිය මැයි 25 වන දින මාදම්පේ ප්‍රදේශයේ රාජකාරි සිදු කරමින් සිටියදී අතුරුදන් වු පොලිස් නිලධාරියාගේ මෘත දේහය ඊයේ (මැයි 26) දින නාවික හමුදා කිමිදුම් අංශයේ නාවිකයින් විසින් සොයාගැනීමට සමත් විය.

27 May 2018