නාවික හමුදාව තබ්බෝව ප්‍රදේශයේ ජනතාව මුදවා ගැනීමේ මෙහෙයුම් වල
 

නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකයට (4RU) අනුයුක්ත නාවිකයින් විසින් අද (මැයි 25) අළුයම 04.30 සිට මධ්‍යහන වනතුරු තබ්බෝව ප්‍රදේශයේ විපතට පත් පුද්ගලයින් 120 ක පමණ පිරිසක් මුදවා ගැනීමට සමත් වු අතර, මේ වනවිටද අඛණ්ඩ මුදවාගැනීමේ මෙහෙයුම් වල (4RU) ඒකකයේ නාවිකයින් නිරතව සිටී.

25 May 2018

කජුගස්ගොඩැල්ල ප්‍රදේශයේ මාර්ගය යථා තත්වයට පත් කිරීමට නාවික හමුදා සහන කණ්ඩායම් දැඩි පරිශ්‍රමයක් දරයි
 

අද (මැයි 25) අළුයම සිට ජාඇල දෑලතුර ඇලෙහි ජලය පිටාර ගැලීම හේතුවෙන් දෑලතුර- කජුගස්ගොඩැල්ල මාර්ගය සහමුලින්ම ජලයෙන් යටවීඇති අතර, නාවික හමුදා සහන කණ්ඩායම් මාර්ගය දෙපස වැලි කොට්ට තුරමින් ගමනා ගමන කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සඳහා දැඩි පරිශ්‍රමයකින් යුතුව කටයුතු කරමින් සිටිති.

25 May 2018

නාවික හමුදා කණ්ඩායම් 49 ක් අඛණ්ඩව සහන සැළසීමේ මෙහෙයුම්වල
 

ශ්‍රී ලංකාවට බලපා ඇති වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය මේ වනතුරු පහව ගොස් නොමැති අතර, ප්‍රදේශ ගණනාවක සාමාන්‍ය ජන ජීවිතය අඩාලවී ඇත.

25 May 2018