මුලික පුහුණුව නිම කල ඉඳුරාම බඳවාගත් නිලධාරිණියන් තිදෙනෙක් සහ සේවා ප්‍රවේශ නිලධාරින් හයදෙනෙකු අධිකාරියට පත් කෙරේ
 

2017 වර්ෂයේ දෙවන ඉඳුරාම බඳවා ‍ගැනීමට අයත් දන්ත වෛද්‍ය අංශයට අයත් නිලධාරිණියන් තිදෙනෙකු (03) සහ 2017 පලමු සේවා ප්‍රවේශ බඳවා ‍ගැනීමට අයත් නිලධාරින් හයදෙනෙකු (06) න්‍යායාත්මක සහ ප්‍රායෝගික පුහුණුව සාර්ථකව අවසන් කර අද (මැයි 11) දින ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රධාන සරඹ පිටියේදී විසිර යන ලදී.

11 May 2018

61 වන බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරීන් හට පත්වීමේ ලිපි ප්‍රදානය කෙරේ
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 61 වන බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරීන් 60 දෙනෙකු හට පත්වීමේ ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය අද (මැයි 11) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.

11 May 2018

පෝලන්ත ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ පෝලන්ත තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරන කර්නල් ස්ලැවොමිර් කොල්ටුන් මහතා අද දින (මැයි 11) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු විය.

11 May 2018