ඉන්දියානු නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී වයිස් අද්මිරාල් අජිත් කුමාර් මහතා නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත වෙයි
 

පසුගිය අප්‍රේල් මස 18 වන දින ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියානු නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, වයිස් අද්මිරාල් අජිත් කුමාර් මහතා එදින නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත විය. එහිදි විශේෂ සම්මාන අචාර මුරයක් පිරිනමමින් එතුමන් නැගෙනහිර නාවික විධානය වෙත උණුසුම් අයුරින් පිළිගැනීමට කටයුතු කරන ලදී.

ඉන් අනතුරුව ඉන්දියානු නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානීතුමා, නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරල් නිරාජ ආටිගල මහතා හමුවි ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද කථාබහක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි. එමෙන්ම රියර් අද්මිරාල් කුමාර් මහතා නාවික තඨාකාංගණයේ සහ නාවික සහ සාගරික විද්‍යාපීඨයේ නිරික්‍ෂණ චාරිකාවක නිරත වූ අතර, මෙම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල රියර් අද්මිරල් මෙරිල් සුදර්ශන මහතා, නාවික සහ සාගරික විද්‍යාපීඨයේ ආඥාපති, කොමදෝරු කලණ ජිනදාස මහතා සහ ශ්‍රී ලංකා‍වේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, කපිතාන් අශෝක් රාඕ මහතා ද සහභාගීවී සිටියහ.