ඉන්දියානු නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක
 

ඉන්දියානු නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, වයිස් අද්මිරාල් අජිත් කුමාර් මහතා අද (අප්‍රේල් 18) නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.

18 Apr 2018

04 වන දකුණු ආසියා වුෂු තරඟාවලියේ නාවික හමුදා ජයග්‍රාහකයින් නාවික හමුදාධිපති හමුවෙයි
 

04 වන දකුණු ආසියා වුෂු තරඟාවලිය 2018 සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගීවූ නාවික හමුදා වුෂු සංචිතයට අනුයුක්ත නාවිකයින් විසින් සුවිශේෂි දක්ෂතා දක්වමින් රන් පදක්කම් 03 ක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් හිමි කර ගනිමින් ශ්‍රී ලංකාවට මෙන්ම නාවික හමුදාවට ද කීර්තියක් අත්කර දීමට සමත් වන ලදී.

18 Apr 2018

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ රිදී පදක්කමක් හිමි කර දුන් බල නැවි ඉන්දික දිසානායක නාවික හමුදාධිපති හමුවෙයි
 

21 වෙනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ බල නැවි ඉන්දික දිසානායක බර ඉසිලීමේ තරඟයෙන් රිදි පදක්කමක් දිනා ගැනීමට සමත් වූ අතර, එම සුවිශේෂි දක්ෂතාවය වෙනුවෙන් ඔහු අද (අප්‍රේල් 18) නාවික හමුදා මුලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා විසින් ඇගයීමට ලක් කරන ලදී.

18 Apr 2018