ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන තුන්ප්‍රයාම තරඟාවලිය - 2018
 

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන තුන්ප්‍රයාම තරඟාවලිය 2018 අද (මාර්තු 03) දික්ඕවිට වරාය පරිශ්‍රයෙන් ආරම්භ කර උස්වැටකෙයියාව මාලිමා උත්සව ශාලාව පරිශ්‍රයෙන් නිමාවන ලදී. ඒ සඳහා සියළු නාවික විධානයන් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගීවි සිටි අතර, දක්ෂතම ක්‍රීඩකයා ලෙස පුහුණු විධානය නියෝජනය කළ අයිඑම්බී වික්‍රමසිංහ විසින් ද දක්ෂතම ක්‍රීඩිකාව ලෙස පුහුණු විධානය නි‍යෝජනය කළ එම්එච්ඒආර් චතුරංගි විසින්ද දිනා ගන්නා ලදී. ඒ අනුව සමස්ථ තරඟාවලියේ ශූරතාවය පුහුණු විධානය විසින් දිනා ගැනීමට සමත් විය.

බටහිර නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩභාර ගැනීමට නියමිත රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූ අතර, මෙම අවස්ථාව සඳහා බටහිර නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරින් මෙන්ම විශාල නාවිකයින් පිරිසක් ද සහභාගිවි සිටියහ.