කපිතාන් (සංඥා) හරීන්ද්‍ර ඒකනායක ශ්‍රීලංනානෞ සමුදුර නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් (සංඥා) හරීන්ද්‍ර ඒකනායක මහතා අද (ජනවාරි 04) දින වැඩ භාර ගන්නා ලදී.
04 Jan 2018
මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු අත්අඩංගුවට
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවන් 2 ක් ඊයේ (ජනවාරි 03) නාවික හමුදා අත්අඩංගුවට පත් විය.
04 Jan 2018
නීති විරෝධී ලෙස කැස්බෑවෙකු ලඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට
නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ පූනරින් පොලීසියේ නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (ජනවාරි 03) සිදු කළ සෝදිසි කිරීමකදී කිලිනොච්චි, පල්ලිකුඩා ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ජීවී කැස්බෑවෙකු ලඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
04 Jan 2018
සඟවා තැබූ ගෝඩා බැරල් 3 ක් සොයා ගැනේ
නාවික හමුදාවට ලද තොරතුරක් මත නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ වාකරෙයි පොලීසියට අනුයුක්ත නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (ජනවාරි 03) සිදු කළ සෝදිසි කිරීමකදී, වාකරෙයි පනිච්චන්කේනි ප්‍රදේශයේ සඟවා තැබූ තහනම් මත් පැන් නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා ගෝඩා බැරල් 3 ක් සොයා ගන්නා ලදී.
04 Jan 2018