ජ්‍යෙෂ්ඨ නාවිකයින් 40 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යෙෂ්ඨ නාවිකයින් 40 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලි රහිත ණය මුදල් ලබා දීම අද (දෙසැම්බර් 26) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අතින් නාවික හමුදා මුලස්ථානයේදී සිදු කෙරුණි.

26 Dec 2017

ශ්‍රීලංනානෞ රණධීර නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් ගයාන් වික්‍රමසූරිය වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු මුර සංචාරක නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා රණධීර නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (මාලිමා) ගයාන් වික්‍රමසූරිය මහතා අද (දෙසැම්බර් 26) වැඩ භාර ගන්නා ලදී.

26 Dec 2017

ගෝපාලපුරම් මුහුදේ ගිලෙමින් සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා ජීවිතාරක්ෂකයින් විසින් බේරා ගැනේ
 

නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට අනුයුක්ත වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ ජීවිතාරක්ෂක අංශයේ නාවිකයන් පිරිසක් විසින් ඊයේ (දෙසැම්බර් 25) ගෝපාලපුරම් මුහුදේ ගිලෙමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු බේරාගෙන ඔවුන් නිරුපද්‍රිතව ගොඩබිම වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදී.

26 Dec 2017