ගෝපාල්පුරම් මුහුදු ප්‍රදේශයේ දියේ ගිලෙමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු බේරා ගැනේ
 

නැගෙනහිර නාවික විධානයට අයත් නිලාවේලිහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට අනුයුක්ත වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ ජීවීතාරක්ෂක කණ්ඩායමට අයත් නාවිකයන් පිරිසක් විසින් ඊයේ (දෙසැම්බර් 24) ගෝපාල්පුරම් මුහුදු ප්‍රදේශයේදී දියේ ගිලෙමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) බේරා ගැනීමට සමත් වී ඇත.

25 Dec 2017

කේරළ ගංජා කිලෝග්‍රෑම් 02 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ ගෝනහේන, පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරීන් එක්ව සිදු කරන ලද සෝදිසී කිරීමකදී මලිගාවත්ත, ප්‍රදේශයේදි කේරළ ගංජා කිලෝග්‍රෑම් 02 ක් සමඟ පුද්ගලයෙකු ඊයේ (දෙසැම්බර් 24) අත්අඩංගුවට ගන්නා ලදී.

25 Dec 2017