සාර්ථක සංචාරයකින් අනතුරුව ඉන්දියානු නාවික නෞකා ‘සුට්ලෙජ්’ දිවයිනෙන් පිටත්ව යයි
 

ශ්‍රී ලංකාව අවට මුහුදු සීමාව සිතියම් ගත කිරීමේ එකාබද්ධ වැඩසටහනට සහභාගීවිම සඳහා පසුගිය ඔක්තෝබර් මස 26 වන දින කොළඹ වරායට සේන්දු වූ ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘සුට්ලෙජ්’ නෞකාව එම කාර්යයන් සාර්ථක ලෙස නිමා කරමින් අද (දෙසැම්බර් 21) දිවයිනෙන් පිටත් විය.

21 Dec 2017

67 වන නාවික දින සැමරුම නිමිත්තෙන් පරාක්‍රම ආයතනයේ ලේ දන්දීමේ වැඩසටහනක්
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 67 වන නාවික දින සැමරුමට සමගාමීව ඊයේ (දෙසැම්බර් 20) කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී ලේ දන් දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි.

21 Dec 2017

ගජමුතු 7 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ ගම්පොල පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් එක්ව පසුගිය දෙසැම්බර් 19 වන දින පේරාදෙණිය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ගජමුතු 7 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන ඇත.

21 Dec 2017

ඩයලොග් කුසලාන චැම්පියන් ලීග් පාපන්දු තරඟාවලියෙන් නාවික හමුදාවට තවත් ජයක්
 

2017 ඩයලොග් කුසලාන චැම්පියන් ලීග් පාපන්දු තරඟාවලියේ ඊයේ (දෙසැම්බර් 20) පැවති තරඟයෙන් පොලිස් කණ්ඩායම පරදා සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීමට නාවික හමුදා කණ්ඩායම සමත් විය.

21 Dec 2017

විවෘත රුවල් යාත්‍රා තරඟාවලියෙන් නාවික හමුදා රුවල් යාත්‍රා සංචිතයට ජයග්‍රහණ රැසක්
 

ලංකා මෝටර් රුවල් යාත්‍රා සංගමය මගින් සංවිධානය කරන ලද විවෘත රුවල් යාත්‍රා තරඟාවලිය පසුගිය දෙසැම්බර් 17 වන දින බොල්ගොඩ ජලාශයේදී සාර්ථක ලෙස පැවැත්වූ අතර, එහිදී ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට නාවික හමුදා රුවල් යාත්‍රා කණ්ඩායම සමත් විය.

21 Dec 2017