ශ්‍රී ලංකා - ඉන්දියානු නාවික හමුදා ඒකාබද්ධ ජල මානක මිනුම් දෙවන අධියර සාර්ථකව නිමා වෙයි
 

පසුගිය ඔක්තෝබර් මස 26 වන දින ඉන්දියානු නාවික හමුදාවට අයත් සුට්ලේජ් නෞකාව පැමිණීමත් සමඟ ආරම්භ කරන ලද ඉන්දු-ලංකා නාවික හමුදා ඒකාබද්ධ ජලමානක මිනුම් දෙවන අධියර අද දින (දෙසැම්බර් 19) සාර්ථක ලෙස නිමා කරන ලදී.

19 Dec 2017

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරීන් තිස් නව දෙනෙකු අධිකාරියට පත් කෙරේ
 

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව නිම කළ 54 වන ශිෂ්‍යභට, 31 වන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය (නීති හා සේවා) සහ 56 වන ශිෂ්‍යභට යන බඳවා ගැනීම් වලට අයත් මධ්‍ය නිලධාරීන් 39 දෙනෙකු දෙනෙකු සිය මූලික පුහුණුව අවසන් කිරීමෙන් පසු ඊයේ (දෙසැම්බර් 18) ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රධාන සරඹ පිටියේ පැවැත්වූ ඉතා විචිත්‍රවත් අධිකාරියට පත් කිරීමේ උළෙලකින් පසු විසිර යන ලදි.

19 Dec 2017

ආරක්ෂක ලේකම්තුමන්ගේ නැගෙනහිර නාවික විධාන සංචාරය
 

ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා සහ එම මැතිනිය ඊයේ (දෙසැම්බර් 18) නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත විය.

19 Dec 2017