ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපතිතුමන් නාවික හමුදාධිපති හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපති, අතිගරු සඒරී අමිරානී මොහොමඩ් මහතා අද (දෙසැම්බර් 12) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.

එහිදී, ඔවුන් ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද පිළිසඳරක නිරත විය. එම අවස්ථාව සඳහා ඉරාන ආරක්ෂක උපදේශක කපිතාන් චමන් පිරා මහතා ද සහභාගී වී සිටි අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිලිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.