ජාතික ප්‍රවීණයන්ගේ මේස පන්දු තරඟාවලියෙන් නාවික හමුදාවට ජයග්‍රහණ රැසක්
 

ශ්‍රී ලංකා ජාතික ප්‍රවීණයන්ගේ මේස පන්දු සංගමය මඟින් සංවිධානය කරන ලද ප්‍රවීණයන්ගේ ජාතික මේස පන්දු තරඟාවලිය ඊයේ (නොවැම්බර් 25) ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්වුණු අතර, ඉන් ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට නාවික හමුදා ප්‍රවීණයන්ගේ මේස පන්දු කණ්ඩායමට හැකියාව ලැබිණි.

26 Nov 2017

ඩයලොග් අන්තර් සමාජ රග්බි තරඟාවලියෙන් නාවික හමුදාවට තවත් ජයක්
 

ඩයගොල් අන්තර් සමාජ රග්බි තරඟාවලියේ නාවික හමුදා සහ පොලිස් කණ්ඩායම් අතර පැවති තරඟය ඊයේ (නොවැම්බර් 25) වැලිසර නාවික හමුදා ක්‍රීඩා පිටියේදී පැවැත්වුණු අතර, එහිදී ලකුණු 31 ට 24 ක් වශයෙන් පොලිස් කණ්ඩායම පරාජයට පත් කරමින් නාවික හමුදා රග්බි පිල සිය ජයග්‍රහණය තහවුරු කර ගන්නා ලදී.

26 Nov 2017

හෑෂ් කිලෝග්‍රෑම් 33.425 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ මන්නාරම පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (නොවැම්බර් 25) රාත්‍රී තලෙයිමන්නාරම, ඌරුමලෙයි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී හෑෂ් නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 33.425 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී. ‍

26 Nov 2017