හෑෂ් කිලෝග්‍රෑම් 33.425 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ මන්නාරම පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (නොවැම්බර් 25) රාත්‍රී තලෙයිමන්නාරම, ඌරුමලෙයි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී හෑෂ් නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 33.425 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී. ‍

අත්අඩංගුවට පත් සැකකරු එම ප්‍රදේශයේම පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, එම පුද්ගලයා සහ මත්ද්‍රව්‍ය තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා තලෙයිමන්නාරම පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.