ශ්‍රීලංනානෞ ජගතා නෞකාව සිය 26 වන නෞකා දිනය සමරයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක නෞකාවක් වන ශ්‍රීලංනානෞ ජගතා හී 26 වන සංවත්සරය නිමිත්තෙන් එහි අණදෙන නිලධාරී ලුතිනන් කොමාණ්ඩර් නිශාන්ත කුලතුංග මහතාගේ අංශ පිරික්සීම පසුගිය නොවැම්බර් මස 15 වන දින ත්‍රිකුණාමලයේදී පැවැත්විණි.

17 Nov 2017

ඕස්ට්‍රේලියානු නාවික නෞකා නිව්කාසල් කොළඹ වරායෙන් පිටත් වෙයි
 

සුහද සංචාරයක් සඳහා පසුගිය නොවැම්බර් මස 14 වන දින කොළඹ වාරයට සේන්දු වූ ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් නිව් කාසල් නෞකාව අද (නොවැම්බර් 17) සිය සිව් දින නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය.

17 Nov 2017

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ අනවසරයෙන් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ මුර සංචාරක රාජකාරීන්හි නියුතු ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාවක් වන ශ්‍රීලංනානෞ සාගර මඟින් ඊයේ (නොවැම්බර් 16) පෙරවරු පේදුරුතුඩුව ප්‍රදීපාගාරයට ඊසාන දෙසින් වු ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන ඇත.

17 Nov 2017