අභිනව නාවික හමුදාධිපතිතුමන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 22 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අද (නොවැම්බර් 01) ආරක්ෂක මාණ්ඩලික කාර්යාලයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

01 Nov 2017

නාවික හමුදාධිපතිතුමන් ආරක්ෂක ලේකම් හමුවෙයි
 

නව නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අද (නොවැම්බර් 01) ආරක්ෂක අමාත්‍යාංශයේදී, ආරක්ෂක අමාත්‍යංශ ලේකම්, ජනාධිපති නීතීඥ කපිල වෛද්‍යරත්න මහතා හමුවිය.

01 Nov 2017

බත්තරමුල්ල ගේට්වේ ජාත්‍යන්තර පාසලට නාවික හමුදාවෙන් බෝට්ටු සේවාවක්
 

බත්තරමුල්ල, ගේට්වේ ජාත්‍යන්තර පාසලෙහි අධ්‍යාපනය හදාරනු ලබන සිසුන්ගේ ප්‍රවාහන පහසුකම් සඳහා නාවික හමුදාව විසින් අරම්භ කරන ලද බෝට්ටු සේවාව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (නොවැම්බර් 01) ආරම්භ කෙරිණ.

01 Nov 2017

05 වන ආසියානු ගෘහස්ථ සහ සටන් කලා තරඟාවලියේ රන් පදක්කම තුෂාරි අබේරත්න විසින් දිනා ගනී
 

05 වන ආසියානු ගෘහස්ථ සහ සටන් කලා තරඟාවලියේ මිටර් 800 ධාවන ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට නාවික හමුදාවේ සේවය කරන බල කාන්තා නැවි තුෂාරි අබේරත්න සමත් වී ඇත.

01 Nov 2017

වේලනි මධ්‍ය මහා විද්‍යාලයට පැසිපන්දු පිටියක්...
 

නාවික හමුදාව විසින් සිදු කරගෙන යනු ලබන ප්‍රජා සේවාවන්හි තවත් එක් සේවාවක් ලෙස යාපනය, වේලනි මධ්‍ය මහා විද්‍යාලයට දැඩි අවශ්‍යතාවයක්ව පැවැති පැසිපන්දු ක්‍රීඩා පිටියක් ඉදිකර දීම සඳහා නාවික හමුදා ශ්‍රම දායකත්වය ලබා දී ඇත.

01 Nov 2017