ඉන්දුනීසියානු රුවල් නෞකාවක් කොළඹ වරායට සේන්දු වෙයි
 

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් රුවල් නෞකාවක් වන ‘බිම සුකී’ අද (ඔක්තෝබර් 30) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට ‍සේන්දු විය. එහිදී නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.

30 Oct 2017

ශ්‍රී ලංකාවේ ඉන්දියන් ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමු වෙයි
 

ශ්‍රී ලංකාවේ ඉන්දියන් මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කැප්ටන් අශෝක් රාඕ මහතා අද දින (ඔක්තෝබර් 30) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු විය.

30 Oct 2017

නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

දිවයිනේ ප්‍රදේශ කිහිපයක නීති විරෝධී ක්‍රියාවන් වල නිරත වූ පුද්ගලයන් 44 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය. ඒ අනුව, නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 41 දෙනෙකු සහ මත් පෙති ලඟ තබා ගත් පුද්ගලයින් 03 අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව කටයුතු කර ඇත.

30 Oct 2017