නාවික හමුදා අන්තර් විධාන ටෙනිස් තරඟාවලිය - 2017
 

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන වාර්ෂික ටෙනිස් තරඟාවලිය පසුගිය සැප්තැම්බර් 18 වන දින සිට 23 වන දින දක්වා නැගෙනහිර නාවික විධාන ටෙනිස් පිටියේදී පවත්වන ලදී. ඒ සඳහා සියළු නාවික විධානයන් නියෝජනය කරමින් ක්‍රීඩකයින් සහභාගී වූහ. සමස්ථ තරඟාවලියේ ශූරතාවය ගිණිකොන නාවික විධානය හිමි කර ගත් අතර, අනුශූරතාවය බටහිර නාවික විධානය විසින් දිනා ගැනීමට සමත් විය. තවද, තරඟාවලියේදී මතු සඳහන් ජයග්‍රහණයන් හිමිකර ගැනීමට ක්‍රීඩකයින් සමත් වන ‍ලදී.

ආධුනික ක්‍රිඩකයින්ගේ තරඟය

ශුරතාවය - ලුතිනන් වරුණ අබේසිංහ
අනුශුරතාවය - කොමාණ්ඩර් ප්‍රසාද් පරණවිතාන

 

ප්‍රවිණයන්ගේ තරඟය

ශුරතාවය - රියර් අද්මිරාල් සුමිත් විරසිංහ
අනුශුරතාවය - කොමදෝරු මෙරිල් සුදර්ශණ

 

විවෘත තනි තරඟය

ශුරතාවය - නායක ශාරිරික ආභ්‍යාස ඉෂාර මෙන්ඩිස්
අනුශුරතාවය - රියර් අද්මිරාල් සුමිත් විරසිංහ

 

විවෘත යුඟල් තරඟය

ශුරතාවය - රියර් අද්මිරාල් සුමිත් විරසිංහ
නායක ශාරිරක ආභ්‍යාස ඉෂාර මෙන්ඩිස්
 
අනුශුරතාවය - ලුතිනන් කොමාණ්ඩර් සංජිව පෙරේරා
- ලුතිනන් රුවන් ජයතිලක

 

ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නැගෙනහිර ප්‍රදේශය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු මෙරිල් සුදර්ශණ මහතා සහභාගි විය. තවද, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා ටෙනිස් සංගමයේ සභාපති, ප්‍රදිප් කරුණාතිලක මහතා ඇතුළු නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ ක්‍රීඩකයින් රැසක්ද සහභාගිවී සිටියහ.