වැලිසර ඉදිකරන ලද නාවික විවාහක නිවාස සංකිර්ණය නාවික හමුදාධිපතිතුමා අතින් විවෘත කෙරේ
![](../assets/images/news/event_news/front_img/201709221625.jpg)
වැලිසර පිහිටි ශ්‍රි ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ අභිනවයෙන් ඉදි කරන ලද නාවික විවාහක නිවාස සංකිර්ණය අද (සැප්තැම්බර් 22) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අතින් විවෘත කරන ලදී.
22 Sep 2017
නිවාරණ වෛද්‍ය සහ හදිසි අනතුරු වැළැක්විම පිළිබඳව පුහුණු පාඨමාලාව වැලිසර නාවික පරිශ්‍රයේදී සාර්ථක ලෙස නිමාවට පත් වෙයි.
![](../assets/images/news/event_news/front_img/201709221305.jpg)
ශ්‍රී ලංකා නාවික හමුදාව, එක්සත් ජනපද මැරීන් බලකාය හා එක්ව පසුගිය සැප්තැම්බර් 11 වන දින වැලිසර පිහිටි ශ්‍රීලංනානෞ ගැමුණු ආයතනයේදී ආරම්භ කරන ලද නිවාරණ වෛද්‍ය සහ හදිසි අනතුරු වැළැක්විම පිළිබඳ විෂය කරුණු හුවමාරු පාඨමාලාව අද (2017 සැප්තැම්බර් 22) දින සාර්ථක ලෙස නිමාවට පත් විය.
22 Sep 2017
නාවික හමුදාව විසින් කැස්බෑවන් සිව්දෙනෙකු බේරා ගැනේ
![](../assets/images/news/event_news/front_img/201709221245.jpg)
උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් ඊයේ (සැප්තැම්බර් 21) මන්නාරම, ඕලුතුඩුවායි වෙරළ තීරයේ මුර සංචාරයේ යෙදි සිටියදී ධිවරයින් විසින් මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා දැලක පැටලි සිටි කැස්බෑවන් සිව්දෙනෙකු (04) බේරා ගෙන ඇත.
22 Sep 2017