නව පත්වීම් ලද ශ්‍රී ලංකාවේ නයිජිරියානු ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමා හමු වෙයි
 

ශ්‍රී ලංකාවේ නයිජිරියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් නව පත්වීම් ලද කොමදෝරු ඊ.ඕ. ෆෙරේයිරා මහතා අද දින (2017 අගෝස්තු 28) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමු විය.

28 Aug 2017

නව නාවික හමුදාධිපතිතුමන් ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමා හමුවෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 21 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අද (අගෝස්තු 28) ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ දී ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා හමුවිය.

28 Aug 2017