නීති විරෝධී ලෙස වැලි ගොඩ දැමූ පුද්ගලයින් 9 දෙනෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරක් මත උතුරු නාවික විධානයට අයත් විශේෂ යාත්‍රා බලඝණයට සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (අගෝස්තු 07) නීති විරෝධී ලෙස වැලි ගොඩ දැමීමේ නිරත වූ පුද්ගලයින් 9 දෙනෙකු සහ ට්‍රැක්ටරක් අත්අඩංගුවට ගෙන ඇත.

එම පුද්ගලයන් පේදුරුතුඩුව සහ මනල්කාඩු අතර ප්‍රදේශයේදී මෙම වැලි ගොඩ දැමීමේ කටයුතු සිදු කර ඇති අතර, වැලි කියුබ් 1 ක පමණ ප්‍රමාණයක් ට්‍රැක්ටර් රථයකට පටවා රැගෙන යාමට සූදානම් කර තිබියදී මෙලෙස අත්අඩංගුවට පත් වී ඇත. එම පුද්ගලයන්, වැලි තොගය සහ ට්‍රැක්ටර් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා පේදුරුතුඩුව පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.