නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට; විදේශිකයන් දෙදෙනෙකුත් ඒ අතර
 

නාවික හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරක් මත දකුණු නාවික විධානයට අනුයුක්ත වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නාවිකයින් පිරිසක් සහ තිස්සමහාරාම පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (ජූලි 23) කිරින්ද, යාල ප්‍රදේශයට ආසන්න මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස තුවක්තු (Spear gun) භාවිතා කරමින් විනෝදාස්වාදය සඳහා මසුන් දඩයම් කළ පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

24 Jul 2017

2 වන දකුණු ආසියානු ප්‍රවීණයන්ගේ මේස පන්දු තරඟාවලියේ ජයග්‍රාහකයින් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

2 වන වරට පවත්වන ලද දකුණු ආසියානු ප්‍රවීණයන්ගේ මේස පන්දු තරඟාවලියේ ජයග්‍රහණ දිනා ගත් නාවික පුද්ගලයන් අද (ජූලි 24) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

24 Jul 2017

සයුරුසර 33 වන කළාපය එළිදකී; සයුරුසර වසර 10 සපුරයි
 

නාවික පුද්ගලයින්ගේ නිර්මාණ හා විශේෂ නාවික පුවත් වලින් සමන්විත සයුරුසර සඟරාවේ 33 වන කළාපයේ පළමු පිටපත නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වෙත පිළිගැන්වීම අද (24) උදෑසන නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

24 Jul 2017