කේරළ ගංජා කිලෝග්‍රෑම් 11 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ පෑලියගොඩ පොලිසියට අනුයුක්ත නිලධාරීන් එක්ව සිදු කරන ලද සෝදිසී කිරීමකදී පෑලියගොඩ ප්‍රදේශයේ හතරේ කණුව කළු පාලම අසලදි කේරළ ගංජා කිලෝග්‍රෑම් 11 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අද (ජුලි 5) අත්අඩංගුවට ගන්නා ලදී.

05 Jul 2017

නාවික හමුදා මැරීන් බලඝණය සංවිධානය කළ Alligator (කිඹුලා) අභ්‍යාසය සාර්ථකව නිම කෙරේ.
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයක් මත ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බලඝණය නාවික පුද්ගලයින් සහ යුධ හමුදාවේ කොමාණ්ඩෝ සහ විශේෂ බලකායට අනුයුක්ත හමුදා පුද්ගලයින් Alligator (කිඹුලා) අභ්‍යාසය අද (ජුලි 05) සාර්ථකව නිම කරන ලදි.

05 Jul 2017

කොළඹ නගරය තුළ ඇල මාර්ග හා කාණු පද්ධති පිරිසිදු කිරිමට නාවික හමුදා සහය
 

දැනට කොළඹ නගරය තුළ හා අවට ඇති ඇළ මාර්ග හා කාණු පද්ධති, අපද්‍රව්‍ය හා ජලජ පැලෑටි නිසා ජලය ගලා බැස යෑමට නොහැකි ලෙස මුළුමණින්ම අවහිර වී ඇත.

05 Jul 2017

කේරළ ගංජා කිලෝග්‍රෑම් 03 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ කැලණිය පොලිසියට අනුයුක්ත නිලධාරීන් එක්ව සිදු කරන ලද සෝදිසී කිරීමකදී කැලණිය, නුන්ගම‍ගොඩ ප්‍රදේශයෙදි කේරළ ගංජා කිලෝග්‍රෑම් 03 ක් සමඟ පුද්ගලයෙකු අද (ජුලි 5) අත්අඩංගුවට ගන්නා ලදී.

05 Jul 2017