නාවික හමුදාධිපතිතුමන් රාජකීය සෞදි නාවික හමුදාධිපතිතුමන් හමුවේ.
 

රාජකීය සෞදි නාවික හමුදා ප්‍රධානී, වයිස් අද්මිරාල් අබ්දුල්ලා අල්-සුල්තාන් මහතාගෙන් ලද ඇරයුමකට අනුව සෞදි ආරාබි රාජධානියේ නිල සංචාරයක නිරතව සිටින ශ්‍රීලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා අද දින (ජුලි 04) රියාද්හි පිහිටි නාවික හමුදා මුලස්ථානයේදි සෞදි නාවික හමුදාධිපතිතුමන් හමුවන ලදි.

04 Jul 2017

නාවික හමුදාව දියේ ගිලෙමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු (04) බේරා ගනි.
 

නැගෙනහිර නාවික විධානයට අයත් නිලාවේලිහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට අනුයුක්ත වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ ජීවීතාරක්ෂක කණ්ඩායමට අයත් නාවිකයන් පිරිසක් විසින් ඊයේ (ජුලි 03) ගෝපාල්පුරම් මුහුදු ප්‍රදේශයේදී දියේ ගිලෙමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු (04) බේරා ගැනීමට සමත් වී ඇත.

04 Jul 2017

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 18 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (03) තහනම් දැල් භාවිතා කරමින් නීති වි‍රෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වු ලාංකීක පුද්ගලයින් 18 දෙනෙකු ත්‍රිකුණාමලයට ආසන්න මුහුදු ප්‍රදේශයන්හිදි අත්අඩංගුවට ගෙන ඇත.

04 Jul 2017

කේරළ ගංජා කිලෝග්‍රෑම් 20.5 ක් නාවික හමුදාව විසින් සොයා ගැනේ.
 

තලෙයිමන්නාරම - කොළඹ තැපැල් දුම්රියේ ඊයේ දින (03) රාත්‍රි 10.45 ට පමණ සැක කටයුතු අසුරණ 02 ක් (පෙට්ටි 2ක්) නිරීක්ෂණය වීමෙන් අනතුරුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ වංකාලේ පොලිසියට අනුයුක්ත නිලධාරීන් එක්ව කළ සොදිසි කිරීමකදී පෙට්ටි තුළ සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 20.5 සොයා ගැනීමට හැකිවිය.

04 Jul 2017

නීති විරෝධී ලෙස අල්ලන ලද මෝර වරල් සහ මුහුදු කූඩැල්ලන් තොගයක් නාවික හමුදා අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ වංකාලේ පොලිසිට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව අද (ජුලි 04) උදෑසන සිදු කළ මෙහෙයුමකදි මුහුදු කූඩැල්ලන් සහ මෝර වරල් ජාවරම්හි නිරතව සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට හැකි විය.

04 Jul 2017