‘LITRO Cup’ ජාතික බේස්බෝල් තරඟාවලියේ ජයග්‍රහණය නාවික හමුදාවට
 

‘LITRO Cup’ ජාතික බේස්බෝල් තරඟාවලියේ අවසන් මහා තරඟය ලකුණු 17 – 6 ක් වශයෙන් මහනුවර රණබිර රාජකීය ක්‍රීඩා සමාජය පරාජය කරමින්, ශ්‍රී ලංකා නාවික හමුදා බේස්බෝල් කණ්ඩායම එහි ශූරතාවය දිනා ගැනීමට ඊයේ (2) සමත් විය.

එහිදි, දක්ෂතම පන්දු යවන්නාට සහ තරඟයේ වීරයාට හිමි සම්මාන දිනා ගැනිමට බල නාවික පිඑච්ටි මධුමාල් හට හැකිවිය. තවද, ගබඩා සහකාර කේඒඑස් මදුෂංක විසින් වටිනාම ක්‍රිඩකයාට හිමි සම්මානය හිමි කර ගන්නා ලදි.

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ පැවති එම තරඟය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ජපාන අන්තර්ජාතික සහයෝගිතා කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නියෝජිත අකියෝ නකමෝටා මහතා සහභාගී විය. ජාතික බේස්බෝල් සංගමයේ සභාපති මොහොමඩ් ෆසිල් මහතා, දකුණු නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති කොමදෝරු පිඩී සංජිව ඩයස් මහතා මෙන්ම ක්‍රීඩා ලෝලීන් විශාල පිරිසක් ද තරඟාවලිය නැරඹීම සඳහා සහභාගී වී සිටියහ.