ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු අත්අඩංගුවට
 

ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් වේග ප්‍රහාරක යාත්‍රා 2 ක් මගින් තහනම් පන්න ක්‍රමයක් වන පතුල මත ඇදගෙන යාමේ පන්න ක්‍රමය (බොටම් ට්‍රෝලිං) මගින් මසුන් ඇල්ලීමේ නිරත වූ ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු සහ යාත්‍රා 2 ක් අද (22,ජුනි) අත්අඩංගුවට ගෙන ඇත.

22 Jun 2017

ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරින් සත් දෙ‍නෙකු ඉන්දියානු නාවික හමුදා ඩෝනියර් ගුවන් යානා පුහුණුවක
 

ඉන්දියානු නාවික හමුදාවට අයත් ඩෝනියර් වර්ගයේ ගුවන් යානා 02 ක් පසුගිය (19) දින ලංකාවට පැමිණි අතර නාවික හා ගුවන් හමුදාවට අයත් නිලධාරින් මෙහිදී පුහුණුවක් සඳහා සහභාගි විය.

22 Jun 2017

තවත් ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 4ක් විවෘත කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් කෙරෙන ප්‍රජා සත්කාරක සේවාවන් වල එක් ව්‍යාපෘතියක් ලෙස වකුගඩු රෝගය ව්‍යාප්ත වීමේ අවධානමක් ඇති ප්‍රදේශයන්හි ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරාලනු වස් එම ප්‍රදේශයන්හි ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරීම හදුන්වා දිය හැක.

22 Jun 2017

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සිමාවේ නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (21) රාත්‍රී ඩෙල්ෆ්ට් දූපතට වයඹ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගන්නා ලදී.

22 Jun 2017