රුපියල් මිලියන 2.1 ක් වටිනා හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරක් මත ක්‍රියාත්මක වූ බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ පෑලියගොඩ පොලීසියේ නිලධාරීන් පිරිසක් එක්ව අද (19) සිදු කළ වැටලීමකදී කොළඹ ඉගුරුකඩේ මංසන්දියේදී අන්තරාදායක මත්ද්‍රව්‍යයක් වන හෂීෂ් මත්කුඩු කිලෝග්‍රෑම් 3 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන ඇත.

19 Jun 2017

සහන සැළසීමෙන් පසු ඇමරිකානු නාවික හමුදා ‘ලේක් ඊරි’ නෞකාව කොළඹ වරායෙන් නික්ම යයි
 

පසුගිය 11 වන දින පශ්චාත් සහන සැලසීමේ ‍මෙහෙයුම් සඳහා මෙරටට පැමිණි ඇමරිකානු නාවික හමුදාවට අයත් ‘ලේක් ඊරි’ යුද නෞකාව අද (ජුනි 19) සිය සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය.

19 Jun 2017

ඉන්දියානු දුම්කොළ නිෂ්පාදන තොගයක් සොයාගැනේ
 

නාවික හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරක් මත ක්‍රියාත්මක වූ උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (18) පුන්ගුඩුතිව් ප්‍රදේශයේ තිබී ඉන්දියානු දුම්කොළ නිෂ්පාදන තොගයක් සොයා ගෙන ඇත.

19 Jun 2017