ඩයලොග් අන්තර් ක්‍රීඩා සමාජ රග්බි ශුරතා තරඟාවලියේ දෙවන අධියරේ ශූරතාවය දිනා ගැනීමට නාවික හමුදාව සමත් වෙයි
 

ඩයලොග් අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරඟාවලියේ 2017 දෙවන අධියරේ තරඟ ඊයේ (17) සහ අද (18) යන දෙදින වැලිසර ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා පිටියේදී පැවැත්වූ අතර, එහි ශූරතාවය දිනා ගැනීමට නාවික හමුදාව සමත් විය.

18 Jun 2017

ඉන්දියාවේ සිට මෙරටට රැගෙන එමින් තිබූ තාරකා ඉබ්බන් 2089 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරක් මත ක්‍රියාත්මක වූ වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (17) කල්පිටිය, ඉප්පන්තිව් සහ සින්න අරිච්චාල් අතර මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ඩිංගි යාත්‍රාවක් මගින් ඉන්දියාවේ සිට මෙරටට රැගෙන එමින් තිබූ ජීවී තාරකා ඉබ්බන් 2089 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන ඇත.

18 Jun 2017

මුහුදට වැටී ගල් දෙබොක්කාවක සිරවී සිටි පුද්ගලයෙකුගේ මෘත දේහය ගොඩ ගැනීමට නාවික හමුදා සහාය
 

හබරාදූව පොලිස් ස්ථානයෙන් ලද තොරතුරකට අනුව, උණවටුන ප්‍රදේශයේ වැඩිහිටි නේවාසිකාගාරයක් ආසන්නයේ කන්දක් අසල සිට මුහුදට වැටී ගල් දෙබොක්කාවක සිරවී තිබූ වැඩිහිටි පුද්ගලයෙකුගේ මෘත දේහයක් ගොඩ ගැනීමට දකුණු නාවික විධානයට අනුයුක්ත කිමිදුම් අංශයේ නාවිකයන් පිරිසක් අද (18) සමත් විය.

18 Jun 2017

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 38 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (ජුනි 17) තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 38 දෙනෙකු නෝර්වේ දූපත අසල මුහුදු ප්‍රදේශයේදී සහ සාම්පූර් මුහුදු සීමාවේ දී අත්අඩංගුවට ගන්නා ලදී.

18 Jun 2017

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සිමාවේ නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 5 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට සහ ආපදාවට පත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සඳහා නාවික හමුදා සහාය
 

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (18) උදෑසන කච්චතිව් දූපතට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 5 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගන්නා ලදී.

18 Jun 2017