නාවික හමුදා මැරීන් භටයින්, එක්සත් ජනපද නාවික හමුදාවත් සමඟ ආපදා සහන කටයුතු වල නිරත වේ
 

එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ලේක් ඊරි නෞකාවෙන් පැමිණි නාවික පුද්ගලයින් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බළකාය‍ට අයත් නාවිකයන් සමග එක්ව අද (ජුනි 14) ගාල්ල, මාතර සහ කළුතර යන දිස්ත්‍රික්ක වල මානුෂීය උපකාර සහ ආපදා සහන කටයුතුවල නිරත විය.

මේ අනුව නාවික මැරීන් බළකායට අයත් නාවිකයින් 12ක් සහ එක්සත් ජනපද නාවිකයින් 33 ‍දෙනෙකු සමග එක්ව ගාල්ල හිනිදුම මල්ලිකා නවෝද්‍යා පාසල පිරිසිදු කිරීම ද, මැරීන් නාවිකයින් 41 දෙනෙකු සහ එක්සත් ජනපද නාවික පුද්ගලයින් 136 දෙනෙකු සමග මාතර ඇළ මාර්ග හා ඇළ වේලි ප්‍රතිසංස්කරණය කිරීම ද, මැරීන් නාවිකයින් 11 දෙනෙකු සහ එක්සත් ජනපද නාවික පුද්ගලයින් 31 දෙනෙකු සමග කළුතර, බුලත්සිංහල ප්‍රදේශයේ ළිං 35 ක් පිරිසිදු කිරීම ද සිදු කරන ලදී.

එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ලේක් ඊරි නෞකාව දෙසතියක පශ්චාත් ආපදා සහන සැලසීමේ ක්‍රියාන්විතයක් සදහා පසුගිය (ජුනි 11) කොළඹ වරායට පැමිණි අතර, ඉදිරි දින කීපය තුළ ද ඔවුන් ආපදාවට ලක් වූ ප්‍රදේශවල සහන කටයුතු වල නිරත වීමට නියමිතය.