නාවික හමුදා රුවල් යාත්‍රා සංචිතයට ජයග්‍රහණ රැසක්
 

කොළඹ රාජකීය රුවල් යාත්‍රා සමාජය මගින් සංවිධානය කරන ලද Trinco Blu by Cinnamon Sailing Championship - 2017 රුවල් ඔරු තරඟාවලිය පසු ගිය 12 සහ 13 යන දෙදින ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයේ දී පැවැත්විය. එම තරඟාවලියේ ජයග්‍රහණය තවත් ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට නාවික හමුදා කණ්ඩායම සමත් විය.

මෙම තරඟාවලිය සඳහා රුවල් යාත්‍රා සමාජයන් නියෝජනය කරමින් රුවල් යාත්‍රා 44 ක් සමග තරඟකරුවන් 50 දෙනෙකු සහභාගි වී සිටියහ. එහිදී විවෘත අංශයේ ප්‍රථම ස්ථානයේ සිට පිළිවෙලින් 7 වන ස්ථානය දක්වා, එන්ටර්ප්‍රයිස් අංශයේ ප්‍රථම ස්ථානයේ සිට පිළිවෙලින් 5 වන ස්ථානය දක්වා සහ ලේසර් අංශයේ ප්‍රථම ස්ථානය, දෙවන ස්ථානය ඇතුළු ස්ථාන කීපයක් දිනා ගැනීමට නාවික හමුදා රුවල් ඔරු සංචිතයට හැකි විය. එහිදී අභි‍යෝගතා කුසලානය ප්‍රධාන සුළු නිලධාරී ඩබ්ඒආර් නිශාන්ත විසින් ලබා ගන්නා ලදී