රණවිරුවන් වෙත නිවාස හා ඉඩම් ලබා දීම ජනපති අතින් සිදු කෙරේ
 

‘සත්විරු සංහිද’ නිවාස ව්‍යාපෘතිය යටතේ සටනේදී මියගිය, ආබාධිත තත්ත්වයට පත් වූ හා දැනට සක්‍රීය සේවයේ නිරත වී සිටින ත්‍රිවිධ හමුදා රණවිරුවන් වෙත නිවාස සහ ඉඩම් බෙදා දීම අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල ‘අපේ ගම’ පරිශ්‍රයේදී අද (10) උත්සවාකාරයෙන් සිදු කෙරිණි.

10 May 2017

උතුරු නාවික විධානයේ නාවික පුද්ගලයින් ලේ දන්දීම සඳහා සිය දායකත්වය ලබා දෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන සමාජ සත්කාරක සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් ඊයේ (9) යාපනය ශික්ෂණ රෝහලේ රුධිර බැංකුවේ පැවති ලේ දන්දීමේ කඳවුර සඳහා සහභාගී විය.

10 May 2017