නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 5 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවකට අනුයුක්ත නාවික පුද්ගලයන් පිරිසක් විසින් අද (1) උදෑසන මන්නාරමට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 5 දෙනෙකු සහ ඔවුන්ට අයත් කුඩා යාත්‍රාවක් අත්අඩංගුවට ගන්නා ලදී.

01 May 2017

තුවාල ලැබු ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහාය
 

ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බළකාය මගින් සිදු කළ දැනුම් දීමකට අනුව බහුදින ධීවර යාත්‍රාවක සිටි තුවාල ලැබු ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව අද (01) කටයුතු කරන ලදී.

01 May 2017

තඹ කම්බි තොගයක් අනවසරයෙන් හම්බන්තොට වරායෙන් පිටතට රැගෙනයාමට උත්සහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
 

හම්බන්තොට නාවික අනුකණ්ඩයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් තඹ කම්බි තොගයක් අනවසරයෙන් හම්බන්තොට වරායෙන් පිටතට රැගෙනයාමට උත්සහ කළ පුද්ගලයෙකු ඊයේ (30) එම වරාය පරිශ්‍රයේදී අත්අඩංගුවට ගන්නා ලදී.

01 May 2017

උතුරු නාවික විධානය විසින් යාපනය මාවඩිපුරම් හි ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වයි
 

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් ඊයේ (30) යාපනය අර්ද්වීපයේ, මාවඩිපුරම් ආදර්ශ ගම්මානයේ නැවත පදිංචි කරන ලද පුද්ගලයන් වෙනුවෙන් ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත් වන ලදී.

01 May 2017