කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරක් මත බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ වත්තල පොලීසියේ නිලධාරීන් පිරිසක් එක්ව වත්තල ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී අද (22) කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ත්‍රීරෝද රථයක් මගින් එම ගංජා තොගය ප්‍රවාහනය කරමින් තිබූ අතර, අත්අඩංගුවට ගත් සැකකරු, ත්‍රීරෝද රථය සහ කේරළ ගංජා තොගය වත්තල පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.