සුළු නිලධාරී ඩබ්ජී වික්‍රමසූරියගේ රෝගාතුර දියණිය කෙරෙහි නාවික හමුදාවේ අවධානය
 

නාවික හමුදාවේ සේවයේ නියුතු සුළු නිලධාරී ඩබ්ජී වික්‍රමසූරිය මහතාගේ දියණිය දීර්ඝ කාලීන රෝගාතුර තත්වයේ පසුවන බැවින්, ඇයට අවශ්‍ය වෛද්‍ය පහසුකම් සිදු කර ගැනීමේදී සහ ඇයගේ දෛනික කටයුතු සිදු කර ගැනීමේදී ඔවුන් මහත් අපහසුතාවයට පත් ව තිබුණි. එම තත්වය නාවික හමුදාධිපතිතුමන් වෙත දන්වා සිටීමෙන් අනතුරුව, එකී කාර්යයන් පහසු කර ගැනීම උදෙසා, ත්‍රීරෝද රථයක් පරිත්‍යාග කිරීමට නාවික හමුදා සුභ සාධක අංශය තීරණය කරන ලදී.

ඒ අනුව, ත්‍රීරෝද රථයක් මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදලට අදාළ ප්‍රේශණ පත, අද (20) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් එම ජ්‍යෙෂ්ඨ නාවිකයා වෙත ප්‍රදානය කෙරිණි.