නාගදීප විහාරස්ථානයේ ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කෙරේ
 

නාගදීප පුරාණ රජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ මුචලින්ද නාග දරණාරූඩ ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කර බැතිමතුන්ගේ වන්දනා මාන කටයුතු සඳහා පූජා කිරීම අද (26) ආරක්ෂක ලේකම්, ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා අතින් සිදු කෙරිණි.

26 Jan 2017

ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරනු ලබන අතර, ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපිත කර පිරිසිදු පානීය ජලය ජනතාවට ලබා දීම එහි තවත් එක් ව්‍යාපෘතියක් වේ.

26 Jan 2017

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් දෙදෙනෙකු (2) නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අයත්, නච්චිකුඩා හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (25) මුන්දම්පිඩ්ඩි මුහුදු ප්‍රදේශයේදී, තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගන්නා ලදී.

26 Jan 2017

කේරළ ගංජා කිලෝග්‍රෑම් 4 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු (2) නාවික හමුදා අත්අඩංගුවට
 

බුද්ධි තොරතුරක් මත ක්‍රියාත්මක වූ නාවික හමුදාව, පොලීසියේ ද සහාය ඇතිව ඊයේ (25) කේරළ ගංජා කිලෝග්‍රෑම් 4.1 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු (2) ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගන්නා‍ ලදී.

26 Jan 2017