විශේෂ යාත්‍රා බලඝණයේ පුහුණුව ලැබූ නිලධාරීන් සහ නාවිකයන් 26 දෙනෙකු විසිර යති
 

නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ 23 වන සහ 24 වන බඳවා ගැනීම් වලට අයත් නාවිකයන් විසි තුන් (23) දෙනෙකු සහ නිලධාරීන් තිදෙනෙකු (3) සිය පුහුණුව සාර්ථක ලෙස නිමා කරමින් අද (20) ත්‍රිකුණාමලය නාවික තඨාකංගනයේ පිහිටි විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී විසිර ගියහ.

20 Jan 2017

තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 3 ක් ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් කීපයක් සිදු කරගෙන යනු ලබයි.

20 Jan 2017

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් සිව් දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අයත්, සිලාවතුරෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (19) සිලාවතුර මුහුදු ප්‍රදේශයේදී, ධීවර බලපත්‍ර රහිතව සහ තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

20 Jan 2017

කේරළ ගංජා ග්‍රෑම් 800 ක් සමග පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට
 

බුද්ධි තොරතුරක් මත ක්‍රියාත්මක වූ කිරින්ද වෙරළාරක්ෂක ස්ථානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ අම්බලන්තොට පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (19) අම්බලන්තොට ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී කේරළ ගංජා ග්‍රෑම් 800 ක් සමග පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

20 Jan 2017