ඇමරිකානු නාවික හමුදාවේ “හොපර් ” නෞකාව කොළඹ වරායට පැමිණෙයි
 

ඇමරිකානු නාවික හමුදාවට අයත් “හොපර්” යුද නෞකාව සුහද සංචාරයක් සඳහා අද (19) කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.

19 Jan 2017

ඉන්දීය නාවික හමුදාවේ යුද නෞකා නිෂ්පාදන හා අත්පත් කර ගැනීම පිළිබඳ පාලක නිලධාරී ශ්‍රී ලංකා නාවික හමුදාධිපති හමුවෙයි
 

ඉන්දීය නාවික හමුදාවේ යුද නෞකා නිෂ්පාදන හා අත්පත් කර ගැනීම පිළිබඳ පාලක, වයිස් අද්මිරාල් ඩීඑම් දේශ්පාන්ඩේ මහතා අද (19) නාවික හමුදා මූලස්ථානයේ චාරිකා වාරයක නිරත වූ අතර, එතුමා ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදි.

19 Jan 2017

හෙරොයින් ග්‍රෑම් 36 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නාවික බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව, නැගෙනහිර නාවික විධානයට අයත් නිලාවේලීහි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ සර්දාපුර්ම් පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරින් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී ඊයේ (18) ගෝපාල්පුරම් ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 36. 230 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

19 Jan 2017