අනතුරට පත් ඉන්දීය ධීවරයන්ට නාවික හමුදාවේ සහාය‍
 

නැගෙනහිර නාවික විධානයට අයත් ත්‍රිකුණාමලය නාවික තඨාකංගනයේ පිහිටි 4 වන වේග ප්‍රහාරක යාත්‍රා බලඝණයට අනුයුක්ත පී 4445 වේග ප්‍රහාරක යාත්‍රාවේ රාජකාරී නියුතු නාවිකයන් පිරිසක් විසින් ඊයේ (5) පොඩුවකට්ටු මුහුදු ප්‍රදේශයේදී පාවෙමින් තිබූ ධීවර යාත්‍රාවක සිටි ඉන්දීය ධීවරයින් 6 දෙනෙකු බේරා ගැනීමට සමත් විය.

එම ධීවරයින් පිරිස ඉන්දියාවට අයත් අන්දමන් දූපත්හි සිට ධීවර කටයුතු සඳහා පැමිණ ඇති අතර, මුහුදේ පැවති රළු කාලගුණික තත්ත්වය හේතුවෙන් යාත්‍රාවේ එන්ජිම අක්‍රීය වී මෙසේ මුහුදේ දින 40 ක් පමණ පාවෙමින් සිට ඇත. ඒ අනුව ඔවුන් කුච්චවේලි හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා වළගම්බා ආයතනය වෙත රැගෙන ඒමෙන් පසුව යාත්‍රාවේ එන්ජිම අළුත්වැඩියා කර, අවශ්‍ය ඉන්ධන, ආහාර සහ පානීය ජලය ලබා දී නැවත ජාත්‍යන්තර මුහුදු සීමාව දක්වා රැගෙන යාමට නියමිතය.