ආබාධිත නාවික පුද්ගලයන් වෙනුවෙන් පොලී රහිත ලක්‍ෂ 5 ණය මුදල් ප්‍රදානය කෙරේ
 

සතුරු ප්‍රහාර හේතුවෙන් ආබාධිතව සේවයෙන් ඉවත් වූ නාවිකයන් වෙනුවෙන් පොලී රහිත ලක්ෂ 5 ක ණය මුදලක් ප්‍රදානය කිරීම අද (05) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් සිදු කෙරිණි.

05 Jan 2017

පාකිස්තානයට අයත් “හීන්ගෝල්” සහ “බාසෝල්” යන නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් නාවික හමුදාධිපති හමුවෙයි

සුහද සංචාරයක් සඳහා අද (5) කොළඹ වරායට පැමිණි පාකිස්තානු නාවික හමුදාවට අයත් “හින්ගෝල්” සහ “බාසෝල්” යන නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් අද (5) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර වි‍ජේගුණරත්න මහතා හමු විය.

05 Jan 2017

පාකිස්තානු නාවික හමුදාවට අයත් නෞකා දෙකක් කොළඹ වරායට පැමිණේ
 

පාකිස්තානු නාවික හමුදාවට අයත් “හින්ගෝල්” සහ “බාසෝල්” යන නෞකාවන් දෙක සුහද සංචාරයක් සඳහා අද (5) කොළඹ වරායට සේන්දු විය.

05 Jan 2017

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු අත්අඩංගුවට

ඩෙල්ෆ්ට් දූපතට වයඹ හා උතුරු දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රා 2 ක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඊයේ (04) සවස අත්අඩංගුවට ගන්නා ලදී.

05 Jan 2017