තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ජනතා අයිතියට පත් කෙරේ
 

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් වවුනියාව පොලිස් ස්ථානයේ සහ ගලෙන්බිදුනුවැව කොකාවැව ගම්මානයේ ස්ථාපිත කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ඊයේ (20) ජනතා අයිතියට පත් කෙරුණි.

21 Nov 2016

නාවික හමුදා කාන්තා බේස්බෝල් කණ්ඩායම පළමු විදෙස් ශූරතාවය දිනා ගනියි
 

මෙම මස මුල් සතිය තුළ තායිලන්තයේ බැංකොක් නගරයේ පැවති කාන්තා බේස් බෝල් තරඟාවලියේදී නාවික හමුදා කාන්තා බේස්බෝල් කණ්ඩායම සමස්ථ ශූරතාවය දිනා ගැනිමට සමත් විය.

21 Nov 2016

සීඑච් ඇන්ඩ් එෆ්සී පිල පරදා නාවික හමුදා රග්බි පිල ජයග්‍රහනය කරයි
 

ඩයලොග් ලීග් රග්බි 2016/17 තරඟාවලියේ පළමු අදියරේ, අද (20) පස්වරුවේ වැලිසර නාවික හමුදා ක්‍රීඩා පිටියේ පැවති තරඟයෙන් සීඑච් ඇන්ඩ් එෆ්සී පිල පරදවා ලකුණු 55 - 3 ක් ලෙස සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීමට නාවික හමුදා රග්බි පිලට හැකිවිය.

21 Nov 2016