නාවික නිවාඩු නිකේතනයේ ඉදිකිරීම් වෙනුවෙන් ක්‍රිස්තියානි සංගමයෙන් මූල්‍ය පරිත්‍යාගයක්
 

ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයින්ගේ ප්‍රයෝජනය සඳහා නාවික හමුදා බෞද්ධ සංගමය විසින් අනුරාධපුර මිහින්තලය ප්‍රදේශයේ ඉදිකරමින් පවතින නිවාඩු ‍නිකේතන සංකීර්ණය වෙනුවෙන් නාවික හමුදා ක්‍රිස්තියානි සංගමය ද මූල්‍යමය දායකත්වයක් සැපයීමට ඉදිරිපත්ව ඇත.

ඒ අනුව, එයට අදාළ ප්‍රේෂණපත, නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ සභාපති, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානයේ ආඥාපති, රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා අතින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වෙත ඊයේ (9) ප්‍රදානය කෙරිණි. එම අවස්ථාව සඳහා ක්‍රිස්තියානි සංගම‍යේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, අධ්‍යක්ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත්, රියර් අද්මිරාල් වසන්ත ප්‍රනාන්දු මහතා ද සහභාගී විය.

මෙම නිවාඩු නිකේතනය නවීන පහසුකම් වලින් යුක්තව පුද්ගලයින් 240 දෙනෙකුට එකවර නවාතැන් ලබාගත හැකි වන පරිදි මිහින්තලය පූජා භූමියට ආසන්නයේ අක්කර දෙක හමාරක භූමි ප්‍රමාණයක ඉදිකරමින් පවතී.