නාවික රණවිරුවන් වෙත නාවික හමුදාධිපති තුමන් අතින් වීර පදක්කම් ප්‍රදානය කෙරේ
 

නාවික හමුදා පුද්ගලයින් වෙත වීර පදක්කම් ප්‍රදානය කිරීමේ උත්සවය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (9) නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගා‍රයේදී පැවැත් විණි.

09 Nov 2016

වියළි කැස්බෑ මස් සමග පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට
 

මීගමුව නාවික උප අනුඛණ්ඩයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් මීගමුව ධීවර වරායේ සිදු කරන ලද සෝදිසි කිරීමකදී ඊයේ (8) බහුදින ධීවර යාත්‍රාවක තිබී වියළි කැස්බෑ මස් කිලෝග්රූම් 1.8 සමග පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදි.

09 Nov 2016